සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන ඕනෑම අයකුට ඕස්ට්‍රේලියා මහද්වීපයට ඇතුළුවීම වැළැක්වීමට එරට රජය සැරැසෙයි.
සරණාගතයන් කෙරෙහි තද ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ නිවේදනයක් ඉරිදා (30) නිකුත් කළ ඕස්ට්‍රේලියා රජය මීළඟ පාර්ලිමේන්තු සැසියේ දී අදාළ යෝජනාව ගෙන ඒමට නියමිතය.
මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියා රටවල සිට නීතිවිරෝධී ලෙස පැමිණෙන සරණාගතයන් ඔවුන්ගේ මව්බිම්වලට ආපසු හරවා යවන බවත් ඔවුන්ට දිවි ඇති තෙක් සංචාරකයින් ලෙස, ව්‍යාපාරික කටයුතුවලට හෝ විවාහ සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරන බවත් ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කළේය.