
ගිනිකොනදිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පසුගිය 5 වැනිදා එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ඇති වූ ගින්න සැලසුම් සහගතව සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඒ හේතුවෙන් රොහින්ග්‍යා සරණාගතයින් 15000 කට පමණ නිවාස අහිමි වූ අතර ගින්නෙන් තාවකාලික නිවාස 2800 ක් විනාශ විය.මෙම කඳවුර ලෝකයේ විශාලතම සරණාගත කඳවුරු වලින් එකකි.ගින්නෙන් මුස්ලිම් දේවස්ථාන 35 ක් සහ ඉගෙනුම් මධ්‍යස්ථාන 21 විනාශ වී තිබිණ.එක් තාවකාලික නිවසක සරණාගතයන් 4 ක් හෝ 5ක් පවුලක් ලෙස ජීවත්ව ඇති බවත් ඉන් සරණාගතයන් වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන් බවත් බලධාරීන් බලධාරීන් ප්‍රකාශ කළේය.
ස්ථාන කිහිපයක ගින්න ආරම්භ වී ඇති බවත් එය ගින්න සැලසුම් කළ බවට හොඳම සාක්ෂියක් බවත් විමර්ශන නිලධාරියකු පවසා ඇත.ගින්නට හේතුව සෙවීම සඳහා හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට බංගලාදේශ බලධාරීන් කටයුතු කළේය.

