නිට්ටඹුව හොරගොල්ලේ නිවාස සංකීර්ණයකට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අලාභයක් සිදු කිරීමේ නඩුවේ සැකකරුවන් වන ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රදේශිය සභවේ සභාපති ගිහාන් චින්තක අද අධිකරණයේ පෙනී නොසිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඇම් වයි ඇම් ඉර්ෂඩීන් මහතා අද වරෙන්තු නිකුත් කළේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අශෝක වීරක්කොඩි, බී ඇස් කේ බුලත්සිංහල, එරික් සුසන්ත, ප්‍රදීප් මධුරංග, කාවින්ද එදිරිතිලක, චන්දික දුෂ්‍යන්ත, ලීල් ගුණසිංහ, උපාලි සරත් කුමාර, අරුණ වරුසපෙරුම, අසිත මාන්නප්පෙරුම, අමර ලංකා තෙන්නකෝන්, හනීපා මොහොමඩ් නුලව්ප්ර්, මොහොමඩ් නෂිබ්දීන් හා තරංග ප්‍රභාත් යන සෙසු සැකකරුවෝ පහළොස් දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

