සරණට වරෙන්තු


නිට්ටඹුවේ හොරගොල්ලවත්තේ ඉදිකරගෙන යන නිවාස සංකීර්ණයකට පහරදී රුපියල් හාර ලක්ෂ පනස් දහසක අලාභයක්  කළැයි නිට්ටඹුව පොලීසිය පවරා ඇති නඩුවේ පළමු සැකකාර ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය.

ඔහු අද උසාවි නොපැමිණීම ඊට හේතුවයි.

එම වරෙන්තුව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ලවා ක්‍රියාත්මක කරවීමට ද නියෝග කැරිණි.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සෙසු සැකකරුවෝ15 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.