සරණගේ හිටපු ගෝලයෙක් අත් අඩංගුවට


පරණ යකඩ ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක් වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට  අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනයේ සම්බන්ධීකරණ නිලධරයකු බව කියන  අ‍ශෝක වීරක්කොඩි  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.