සරණගෙ ගමන් බලපත උසාවියට


ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත අත්තනගල්ල අධිකරණය භාරයේ තබන්නැයි කාවින්දා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වීරගුලදී කුඩා පිරිමි දරුවකු පැහැර ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේදී නියෝජ්‍ය ඇමැති ගිය වාරයේ අධිකරණයට නොපැමිණියේය.

හදිසියේ ජපානයට යෑමට වු නිසා එසේ වී යැයි ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.

අද ඔහු අධිකරණයට පැමිණ ගමන් බලපත්‍රය භාර දුන්නේය.

රට යෑමට අවශ්‍ය වෙතොත් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබා ගන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.