ශ්‍රී ලංකාව අවට මුහුදේ විස සහිත මුහුදු ජීවින් හඳුනාගැනීමේ ජාතික සමීක්ෂණයක් ආරම්භ කළ බව කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.
මෙවන් පුළුල් සමීක්ෂණයක් මෙරට සිදු කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
විස සහිත මුහුදු ජීවීන්ගේ ගොදුරුවන්නන් ගැන අසන්නට දකින්නට ලැබෙයි.එම නිසා එවන් ජීවින් පිළිබඳ විශේෂ අධ්‍යනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇති බවත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කිවේය.
මෙවැනි ජීවින් හඳුනා ගැනීමේදී වෙරළාසන්නයේ දිවි ගෙවන ජ්‍රජාවන්ගේත් ධීවරයින්ගේ සහාය ලබා ගැනීමට හැකි වන බව සමික්ෂකයින්ගේ අපේක්ෂාවයි.
මෙවන් ජීවීන් ගැන 2686143 දරණ දුරකථන අංකයට පැය විසිහතර පුරාම දැනුම් දිමට හැකි බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

