සයුරු නගරයට වාරණයක් ඉල්ලයි


කොළඹ  වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන  රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට  පෙත්සමක් අද (06) ගොනු කැරිණි.

 පාරිසරික යුක්ති කේන්ද්‍රය  ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වරාය අදිකාරිය,ආයෝජන මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කැර ඇත.

මෙරට මුහුදෙත් කොටසක් ගොඩ කර වෙනත් පාර්ශවයකට පැවැරීමට  ඉඩම් අඥාපනත යටතේ  ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත්  එම ව්‍යාපාරය ක්‍රියාත්මක   කිරීමට නිසි පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බව ද පෙත්සම්කරු කියයි.

මේ හේතුවෙන් වරාය නගරය  ඉදි කිරීමට නීතිමය ගැටළු පවතින  හෙයින්  එය ක්‍රියාත්මක වීම වලකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි.

මේ ගිණුම අනුව නව නගරයේ හෙක්ටයාර් 50ක පුර්ණ අයිතිය චීනයට පැවරේ