සයිප්‍රසයේදී ඝාතනයට ලක් වු තලාවේ අජන්තා හෙරත්ගෙ (41) දේහය තව දින කිහිපයකින් ශ්‍රි ලංකාවට පිටත්කර යැවීමට සුදානම් බව රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියයි.
ඇය සේවය කල සයිප්‍රස් නිවසේ හිමිකරු විසින් ඇයට වෙඩි තබා ඔහුද සියදිවි නසාගෙන ඇතැයි වර්තාවේ.
අජන්තා හෙරත් තිදරු මවකි. වසර එකහාමාරකට පෙර සයිප්‍රස් ගොස් ඇති අජන්තා මෙයට මාස හයකට පෙර ලංකාවට කතාකරමින් තමා සෙවය කරන නිවසින් තමන්ට බොහො කරදර ඈති බව පෑවසු බවත් එහෙත් මියයනවිට ඇය සෙවය කර ඈත්තේ එම නිවසේ නොවන බවත් ඈගේ ඥාතියෙකු එසෑණට පෑවසීය. තානාපති කාර්යාල නිලධාරියෙක් කියා සිටියේ වාර්ථා වන අන්දමට ඈයට වෙඩි තැබු හාම්පුතා මන්ද මානසික රෝගයකින් පෙලෙන්නෙකු බවයි. සයිප්‍රස් පොලිසිය පරික්ෂණ පවත්වයි.