සයිප්‍රසය පවුම පහළ දමයි


සයිප්‍රස් රාජ්‍යය රන් සංචිත වෙළෙඳපොළට මුදා හැරීම නිසා ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල රුපියල් 11,000කින් පමණ පහත වැටී යළි සුළු වශයෙන් ඉහළ යන ළකුණු දක්නට ඇතැයි මූල්‍ය හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ කියති.

දින හත අටකට පෙර රුපියල් 50,000ක්  වූ රන් පවුම බ්‍රහස්පතින්දා රුපියල් 39,000 න් පමණ වූ බව කොළඹ රන් බඩු ව්‍යාපාරිකයෙක් කීය.

අද රන් ගනුදෙනු වැඩිවූ නිසා පවුමේ මිල ඉහළ යන ළකුණු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පසුගිය මාස කීපයේම රන් පවුම රුපියල් 50,000කට පමණ උසස් කළ හැකි විය.