සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?


(යොහාන් භාසුර)

මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 3 ක ටට්ම කප්පාදු කිරීමට සූදානම් වන මොහොතක එම සමාගම් දෙක සියයට 3 ක වට්ටම දීමට එකඟ වීම අගය කළ යුතු බව කී ඉන්ධන පිරවුම්හල්හිමියෝ අයි.ඕ.සී. සහ සිපොට්කෝ යන ආයතන වට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද සඳහන් කළහ.

(ඡායාරූපය: සුමුසු හේවාපතිරණ)