ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට (සයිටම්) එරෙහිව ඉදිරිපත් කළ වාර්තාවක් හේතුවෙන් තම අධ්‍යාපන කටයුතුවලට බලපෑම් වී ඇතැයි පවසමින් එම විද්‍යාලයේ සිසුහු අද (15) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පරීක්ෂණ කඩිනමින් අවසන් කර තම සායනික පුහුණුව ඇතුළු අධ්‍යයන කටයුතු ඉක්මනින් අවසන් කර ගැනීමට පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධ ලිපියක්ද මානව හිමිකම් කොමිසමට බාර දුන්හ.




