සයිටම් වෛද්‍ය සිසුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම 24 වැනිදා


 සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය  සේවයේ වෛද්‍ය  නිලධාරීන් ලෙසට අනුයුක්ත වීමට බාධා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.

සයිටම් වෛද්‍ය උපාධි අපේක්ෂකයින් දෙදෙනෙකු ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් දැනටමත් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති බව දෙපාර්ශවයේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.