ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා එසේ කියයි.
‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. අපිත් එක්ක එදා 80 දශකයේ දී වේදිකාවේ කථා කරපු මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා තිබෙන්නේත් මේකට සහයෝගය දෙමු කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතයත් ඒකයි. ඔය වෛද්‍ය සංගමය ඇතුළු කට්ටිය ඇයි 2011 ඉඳන් මේකට විරුද්ධ වුණේ නැත්තේ. මේකද පළවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කොතලාවල එකක් හැදුවා මුලින්ම. ඒ ළමයිට රජයේ රෝහල් දුන්නා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව හැදෑරුවොත් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවානම් විරුද්ධ වෙන්න තිබුණේ එදා. මේක යටතේ තිබෙන්නේ දේශපාලන අරමුණක්. නිදහස් අධ්‍යාපනයේ තිබෙන පළවැනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස.‘ යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

