සයිටම් වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට


සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක  අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.


එම වෙඩි තැබීමේ සිදුවීම නිර්මාණය කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලකයකු බවට තොරතුරු ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.


සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සමීර සේනාරත්න මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තේය. සමීර සේනාරත්න මහතාගෙන් යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත යැයි ද පොලිසිය පවසයි.