සයිටම් විරෝධී සටනට විශේෂඥ වෛද්‍යවරුත් එක්වෙති


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා සයිටම් විරෝධී ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීන්දු කළ බව සභාපති වෛද්‍ය නිමල් රත්නසේන මහතා පවසයි.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ අද පස්වරුවේ විශේෂඥ වෛද්‍ය සංගමයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන දැනුම් දුන් බව ද වෛද්‍ය රත්නායක මහතා කීවේය.