සයිටම් විරෝධී සංවිධාන නුගේගොඩදී එක්වෙයි


‘සයිටම් උපාධි කඩය වහා අහෝසි කරනු‘ මැයෙන් සංවිධාන ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විරෝධතා රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී දැන් පැවැත්වේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, රජයේ වෙද නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් ඊට එක්ව සිටිති. ඔවුහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පාගමනකින් එම ස්ථානයට පැමිණියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර හා ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද ඊට එක්ව සිටිති.

RDS_5212 RDS_5264 RDS_5280 RDS_5286webRDS_5337