සයිටම් වහන්නැයි සිකුරාදා වැඩවර්ජනයක්


රංජන් කස්තුරි

සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරු, පශු වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු මෙන්ම හෙද, ගුරු වැනි වෘත්තීය සමිති රැසක් එම වර්ජනයට එක්වන බව ද එම සංගමය කියයි.