සයිටම් ලොක්කා ගැන පොලිසියට පැමිණිලි කරන්න යයි


මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොගෙන ප්‍රසිද්ධියේ වෛද්‍යවරයෙක් ලෙස පෙනීසිටින බවට හෙට(22) පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියයි.