මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අද (03) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේදී පැවති සාකච්ඡාවකදී තීරණය විය.
වෛද්‍ය සභාව නියෝජනය කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහචාර්ය ටෙරන්ස් ගාමිණී යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව, ලංකා ගුරු සංගමය හා සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ එම සාකච්ඡාවට එක්වූහ.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් සහාය පළ කරන බවද එම සාකාච්ඡාවේදී වෘත්තිය සමිති නියෝජිතයෝ කීහ.

