සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද පස්වරුවේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර එම තීරණයට එකඟ වූ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි.



