සයිටම් උපාධිධාරීන්ගේ පෙත්සම් කල් යයි


මාලබේ සයිටම්හි අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචිය ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් දෙදෙනකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන 29 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය.

විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණි. 

සයිටම් ආයතනයෙන් උපාධිය ලැබූ ශිෂ්‍යාවන් වන මල්ෂානි සුරවීරආරච්චි සහ දිලූම් කසුන්දා සූරියආරච්චි එම පෙත්සම් ගොනු කළහ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව , මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ,උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  එම අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.