සයිටම් අර්බුදය විසඳන්න ඇමැති පීඨාධිපතිවරුන් හමුවෙයි


සයිටම් අර්බුදය පිළිබඳ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය පීඨාධිපතින් අතර විශේෂ සාකච්ඡාවක් බදාදා (15) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතය.
සාකච්ඡාව සඳහා කොළඹ, පේරාදෙණිය, රාගම, මඩකලපුව, ජයවර්ධනපුර, යාපනය සහ කරාපිටිය වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ට ආරාධනා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.