සමෘද්ධි සමුළුවට ඡන්ද අපේක්ෂකයෝ


සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්ගේ මාතලේ දිස්ක්‍රික් 17 වැනි සමුළුව   මාතලේ පුරගලේ පැවැත්වුණු අවස්ථාවේ ඊට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහභාගී කරවා ගැනීම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීමක් යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා කියයි.

තමා මේ ගැන මාතලේ තේරීම්භාර නිලධාරී හෙලන් මීගස්මුල්ල මහත්මිය වෙත ලිඛිතව දැනුම් දෙන බවත් ඔහු පවසයි.