සමෘද්ධි නිලධරයෙක් නිදන් හාරයි.


රත්තොට ගල්ලූමලෙයි ගල්තලාවේ නිදන් හාරන්නට ගිය නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය කියයි.
ගල්තලාවේ කොටා ඇති සළකුණු අසල පූජා පවත්වා නිදානයක් හාරන්නට සැරසෙද්දී අද අලූයම පොලිසිය එහි පැමිණියේය.
සමෘද්ධි නිලධරයෙකු මේ නිදන් හෑරීම මෙහෙයවා ඇතැයි කියති. මාතලේ, රත්තොට, කඩුවෙල හා ගම්පහින් මේ නව දෙනා එහි ගොස් ඇතැයි කියති.