පන්තියේ කෑකෝ ගැසූ සිසුවකුට පාසල් මිදුලේ සියඹලා ගසක කොළ අහුලන්නැයි නියම කළ විදුහල්පතිට ඒ ළමයාගේ පියා වන සමෘද්ධි නිලධරයකු විසින් සිසුන් ඉදිරිපිටදී කනට පහර දී ඇතැයි හලාවත පොලිසියට පැමිණිලි කර ඇත.
හලාවත සවරාන මුස්ලිම් විදුහල්පති එස් එච් එම් ස්මයිල් (51) මහතා රෝහල් ගත වී සිටී.
එම සමෘද්ධි නිලධරයා මෑතදී සන්ධානයේ වයඹ අපේක්ෂකයකු සමග පාසලට පැමිණ ඡන්ද ප්‍රචාර කටයුතු කිරීමට සූදානම් වීම ගැන පොලිසියට හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම මේ පහරදීමට හේතුව වන්නට ඇතැයි ඔහු කියා ඇත.
විදුහල්පති දඩුවම් දුන්නැයි කියමින් ළමයාගේ පියා ද පොලිසියට පැමිණිලි කර ඇත.

