(ජයන්ත සමරකෝන්)
සමෘද්ධි කොමසාරිස් ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා ඉවත් කිරීමට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් 24000ක් ලබන 2දා සිට රටපුරා විරෝධතා ව්‍යාපාරයෙන් ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පැවසීය.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති ගණනාවක් ඊට එක්වන බව ද ඒ මහතා කීය.
එක්සත් ජාතික පාක්ෂිකයින් පන්ලක්ෂයකට නිසි ක්‍රමවේදයකින් තොරව සමෘද්ධි සහනාධාර ලබාදීමට එකඟ නොවීම, සමෘද්ධි නිලධාරී ගැටළුවලට විසඳුම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් එම ඉවත්කිරීමට හේතුව බවද හෙතෙම සඳහන් කළේය.
ඉකුත් 21 වැනි දින ප්‍රධාන කාර්යාලයේ සේවකයින් සියලුම දෙනා මෙම තත්ත්වයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීවේය.

