සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු


(ඩයනා උදයංගනී)

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ වෙනුර ගුණවර්ධන මහතාත්, ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාත් පත් කරනු ලැබ ඇත.

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආයතනයන් සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි ලබාදීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් එම අමාත්‍යාංශයේ දී  අද (28) සිදු කෙරිණි.

මෙම ආයතනයන් වලින් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට හිටපු සභාපතිවරයා අසමත් වීම හේතුවෙන් මෙම නව පත්වීම් සිදු කර තිබේ.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.

ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.