වයස 15 න් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලේ සමූ අෂාන් පන්දු 79 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 16 ක් සමගින් ලකුණු 175 ක් රැස් කිරීමට සමත් විය. සමූ අෂාන් මෙවර 15 න් පහළ පාසල් කි‍්‍රකට් තරගාවලියේදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පන්දු 123 කදී නොදැවී ලකුණු 352 ක් රැුස්කරමින් නව පාසල් වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.
ඉසිපතන විදුහල සහ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 305 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ.
ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 432
(සමූ අෂාන් 175, ශාමල් හිරුෂාන් නොදැවී 110, නිපුන් ද සිල්වා 83, දනුල භාසිත 56/3, කුසල් ඩිල්ෂාන් 62/3)
ඉසිපතන විදුහල ඕවර 38 කදී 127
(නවෝද ප‍්‍රියමන්ත 50, චමෝද් මධුෂාන් 12/3, අභිෂේක් වීරසිංහ 28/3)