සමුදුරින් එහා ගියත් ලංකාව අමතක නොකරමි


(අරුණ ජයවර්ධන -  පර්ත් නුවර සිට) -  ඔස්ට්‍රේලියාවේ පර්ත්  නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් තමන් ලංකාවෙන් ලැබූ නිදහස් අධ්‍යාපනයට කෘත ගුණ සැලකීමක් වශයෙන්  "පර්ත් රිද්ම රැයක් " නමින් ප්‍රසංගයක් පවත්වා ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පිඩාවිදී දුෂ්කර පාසල් තෝරා ඒවා නවීකරණය කිරීමේ වැඩ පිළිවෙලක් වර්ෂ 2011 සිට ක්‍රියාත්මක කරයි. එහි පළමු වර්ෂයේදී 2011 වසරේ වැලිඔය ඇතාවමුනු වැව මහා විද්‍යාලයේ පානිය ජාල හා සනීපාරක්ෂක පහසුකම් , ගුරු නිවාස අලුත් වැඩියාව සහ  අනෙකුත් පාසල් ගොඩනැගිලි පිළියෙළ කරන ලදී. 

දෙවැනි පියවර ලෙස අම්පාර හුලංනුගේ මහා විද්‍යාලය හා මඩුපාර  සිංහල විද්‍යාලයට අවශ්‍ය අඩුපාඩු සම්පුර්ණ කර දීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන්ව ඇති  අතර ඒ සඳහා "පර්ත් රිද්ම රැයක්" දෙවැනි ප්‍රසංගය 02.02.2013 දින පැවැත්විණි. මෙම ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ ජිවත්වන කලාවට ලැදි සියලු  දෙනාට තම කුසලතා පෙන්වීමට අවස්තාවක් විය.