සමුද්‍රදේවි දුම්රියේ ටිකට් පරීක්ෂා කිරීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධරයනට පහර දී කොටුවේ ඔවුන්ගේ කාර්යාලයට පහර දී වීදුරුවක් කැඩීයැයි සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් සිකුරාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
එම තරුණයන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් කියා සිටියේ පැමිණිල්ල අසත්‍යයක් බවයි.
ආරක්ෂක නිලධාරීන් එම තරුණයන්ට පහරදී ඇතැයි ද ඔවුහු කීහ.
මධුසංඛ ප්‍රියංකර, හසිත ජීවන්ත, ගලේන්ද්‍ර රණසිංහ, ඉෂාන් චතුරංග හා නලීන් මධුෂංඛ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.