(මනෝජ් හර්ෂික)
සයිටම් හිටපු ප්‍රධාන විධායක සමීර සේනාරත්නගේ ප්‍රශ්නය දඩමීමා කරගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘එය සමීර සේනාරත්නගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා කළා විය හැකියි. මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.‘ යැයි ද ඔහු කීවේය.
සයිටම් ආයතනයේ ප්‍රශ්නය සඳහා මූලිකවම වගකිව යුත්තේ උසස් අධ්‍යාපන ඇමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා බව ද ගැමුණු විජේරත්න පැවසීය.

