අහිමි වූ ප්‍රේමය පිළිබඳව පැවසෙන ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. නමුත්, එහිදී ප්‍රේමය අහිමි වීමේදී එම පුද්ගලයා අවසානයේ නතර වන්නේ කොතැනද? ඒ සඳහා හොඳම පිළිතුර ලෙස "පින් මදිද දන්නේ නෑ" ගීතය දැක්විය හැක. සමිත් සිරිමාන්නගේ මෑත කාලයේදී ජනප්‍රියත්වයට පත් "සිත ඔබ ගැන" සහ "පෙනෙනා තෙක් මානේ" වැනි ගීතවලට පසුව එළිදැක්වූ "පින් මදිද දන්නේ නෑ" ගීතයත් මේ වනවිට ජනප්‍රියත්වයට පත්වී තිබේ. විරහව, ආදරය, වේදනාව යන තේමාවලට කොටු නොවුණ ගීතයක් ලෙසද මෙම ගීතය හැඳින්විය හැකිය.
එළිදැක්වූ දිනය - 2016 නොවැම්බර් 11
ගායනය - සමිත් සිරිමාන්න
පද රචනය - චතුර වර්ණසේකර
සංගීතය - චතුර වර්ණසේකර