හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට ඇතුළු මහා සංඝරත්නයට කළ අපහාසයද කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලියුමක් දුන්නැයි කියන සිද්ධියක මතද දි මු ජයරත්න අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගෙන පදවියෙන් ඉල්ලා අස්විය යුතුයැයි ඇඹිපිටියේ පැවැති උද්ඝෝෂණය දෙපැයකින් අවසන් විය.
පොලිසිය උදේම කළු කොඩි කපා පොලිස් ආරක්ෂාව තර කැර තිබුණත් උද්ඝෝෂණයට බාධාවක් නොවීය.
අගමැතිගේ පඹයන් හා කළු කොඩි රැගත් ගැහැණු පිරිමි පෙළපාළියේ ගමන් කළහ.නගරයේ ඔරලෝසු කණුව අසල රැස්වීමකින් උද්ඝෝෂණය අවසන් විය.ඉන් පසු කඩ සාප්පුද විවෘතවන ලකුණු පෙනිණි.