සමාරම්භක උත්සවයේ වැරදීම ගැන ශී‍්‍ර ලංකාවෙන් විමසීමක්


එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති ඊයේ (6 වැනිදා) ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩාංගණයට ගෙන එන අවස්ථාවේදී පසුබිමෙන් හින්දි ගීතයක් වාදනය වීමට හේතු කවරේද යන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචඞ්සන් මහතාගෙන් විමසා යවා තිබේ.

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ඒ ඒ රටවල කි‍්‍රකට් නායකයෝ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පණිවුඩය ප‍්‍රකාශයට පත්කළහ. ඇන්ජලෝ මැතිව්ස්ගේ පණිවුඩය කී‍්‍රඩාංගණයේ පිහිටි දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය කී‍්‍රඩාංගණයට ගෙන එන ලද අතර එම අවස්ථාවේදී පසුබිමෙන් වාදනය වූයේ හින්දි චිත‍්‍රපට ගීතයකි.

එහෙත් වෙනත් රටවල නායකයන්ගේ පණිවුඩ ප‍්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවන්හිදී පසුබිමෙන් වාදනය වූයේ ඒ ඒ රටවලට අයත් ගීතයකි.
ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය පිටියට ගෙන එද්දී හින්දි ගීතයක් වාදනය වීම සම්බන්ධයෙන් ලෝකය පුරා වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ දැඩි කළකිරීමටත් ශෝකයටත් පත්ව සිටිති.