සමාධි කළු වෙලාලු


20160314-Samadi01මේ දිනවල විකාශය වන "අංකල් සෑම්" හා 'වස්සානේ ප්‍රේමයයි' ටෙලිනාට්‍ය තුළින් ඔබ ආලින්දනයට ගොඩ වදින සමාධි පෙරේරා නව පරපුරේ යොවුන් නිළියකි. දැනට ටෙලිනාට්‍යය රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා ඇති සමාධි ඉදිරියේදී තවත් ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ම ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින්නීය. මේ දිනවල විකාශය වන "අංකල සෑම්" හා "වස්සානේ ප්‍රේමයයි" ටෙලි නාට්‍යය තුළින් මෙන්ම ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යය කිහිපයක ඇයට ලැබී ඇත්තේ නපුරු චරිත වීම විශේෂත්වයකි. ඒ පිළිබඳව සමාධි "සාරවිට" අපට පැවසුවේ මෙවැන්නකි.

"අංකල් සෑම්" හා "වස්සානේ ප්‍රේමයයි" ටෙලිනාට්‍යය චරිතවලට ඉහළ රසික ප්‍රතිචාර මේ දිනවල ලැබෙනවා. ගොඩක් දෙනෙක් නම් මට සුබපතනවා වෙනුවට බනිනවා ඔච්චර නපුරු වෙන්න එපා කියලා. "දේදුණු", "මොණර කඩදාසි", "උතුම් පැතුම්" හා මගේ මුල්ම ටෙලි නාට්‍යය "වරාමලී" හි මම එකිනෙකට වෙනස් විවිධ චරිතවල රඟපෑවා. නමුත්, මේ දිනවල රඟපාන්න ලැබුණ චරිත ගත්තොත් ඒ අතර ගොඩක් තියෙන්නේ නපුරු, කටකාර, කපටි චරිත. ඉතින් ගොඩ දෙනෙක් මේ දවස්වල මාව කළු චරිත ගොඩට දාලා කතා කරනවා. ඒ වගේම මා රංගනයෙන් දායක වුණ "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ මගේ පළමු චිත්‍රපටය නිසා ගොඩක් ආසාවෙන් ඉන්නවා. හොඳ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා.

බුද්ධික සේනාධීර 

 

20160314-Samadi02

20160314-Samadi03
20160314-Samadi04