සමාදාන විනිශ්චකාර නියෝග පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න)

 සාමදාන විනිශ්චයකාර නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරුවන් සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පිළිගැනීමක් ලබා දෙන ලෙස සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව, සෑම සමථකරුවෙකුම ඔහුගේ ධුර කාලය තුළ අදාළ සමථ මණ්ඩල බල ප්‍රදේශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම පිණිස අංක 2440/27 දරන 2025-06-13 දිනැති අති විශෙෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාරවර නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.