ගල්කිස්සේ සම්බාහන ආයතනයක ගැහැණුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු එක් ගැහැණියකගේ ඇගට පැට්‍රල් වත් කර ගිනි තැබීමට තැත් කර තවත් තවත් දෙදෙනකුට පිහියෙන් ඇන පහර දී තුවාල සිදු කළැයි කියන ගැහැණුන් දෙදෙනෙක් ජුනී 10 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග විමලසේන මහතා නියෝග කළේය.
සැකකාරියන් දෙදෙනා නදිෂා ගයානී සහ රෂිනි භාග්‍යා අනුරාධපුර හා අම්පාර පදිංචිකාරියෝය.