ආයුර්වේද සම්බාහන මධ්‍යස්තානයක් මුවාවෙන් යක්කල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අවුරුදු 20-30 අතර තරුණියන් තිදෙනකු හා එහි කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මුලස්ථාන පොලීසිය කියයි.
තරුණියන් කැස්බෑව, බුත්තල, හා බොරැල්ලේ අය වෙති.
මුලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ.බී. ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් යොදා සොයා බලා මෙම වැටලීම සිදු කර ඇත.
මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම සම්බාහන මධ්‍යස්තානයේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වීඩීයෝ කර ඇති බවයි. පරිගණකයක්ද එහි දී සොයා ගෙන ඇත.
රුපියල් තුන්සිය පනහක් ගෙවා බිල්පතක් ගෙන ඇතුළට යා යුතු බවත් ඉන් අනතුරුව සම්බාහන ක්‍රියාවන්ට අමතරව අනෙකුත් ක්‍රියාවන් සදහා රුපියල් එක්දහස් පන්සීයක මුදලක් ද කාන්තාවට සන්තෝසම් මුදලක් ද දිය යුතුය.