සම්බා හා නාඩු සහල් සඳහා උපරිම මිලක්


සම්බා හා නාඩු සහල් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 80 ක් හා නාඩු සහල් කිලෝවක උපරිම මිල රුපියල් 70 ක් ලෙස නියම කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.