සම්බන්ධන්ගේ අදහස් ගැන ඇමෙරිකාව පුදුම වෙයි


‍අවසන් යුද සමයෙදී  උතුර නැගෙනහිර වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්වලට ලක් රජය වගවිය යුතු බවත්  අසාධාරණයට ලක්වූ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්   ඇමරිකා  තානාපති අතුල් කෙෂාප් සමග කියා ඇත.

ඇමරිකා තානාපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී සම්බන්දන් මහතා මේ බව සදහන් කළ බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ් සුමන්තිරන් මහතා පැවසීය

 මෙම සාකච්ඡාවේදී විපක්‍ෂ නායකවරයා උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනතාව මුහුණ පා සිටිතියි කියන අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්   කතා කළ බවද සුමන්තිරන් මහතා කීය

සම්බන්ධන් මහතා හමුවීම සහ ඔහුගේ අදහස් පිළිබද සෑම විටම තමන් පුදුමවන බවට කෙෂාප්  සදහන් කර සිටි බවද හෙතෙම කීය