සම්බන්ධන් මස් රාත්තලම ඉල්ලයි


ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව , මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පැවසීයැයි බීබීසී ගුවන් විදුලිය වාර්තා කරයි.

එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ පසුගිය කාලයේ පැවැත්වූ සාකච්ඡාවල දී එම වාර්තාව නියමිත පරිදි නිකුත් කළ යුතු බව තමන් ඔවුන්ට පැහැදිලි කළ බවත් සම්බන්ධන් මහතා කියා ඇත.

2014 දී සම්මත කර ගත් තීරණයක් අනුව ආරම්භ කළ විමර්ශන කටයුතු අවසන් වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්,  සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් නිකුත් කරන බව එම නිලධාරීන් තමන්ට පැවසූ බවත් මන්ත්‍රී කියයි.