(රංජන් කස්තුරි)
නව රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට ලබා දුන් සහන මල්ලේ අඩංගු ඇතැම් සහන ක්‍රියාත්මකවනුයේ ලබන ජනවාරි මස පළමු වැනිදා සිට යැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
වැට් බද්ද අඩු කිරීම , දුරකතන ගාස්තු අඩු කිරීම හා ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම ආදිය ක්‍රියාත්මක කිරීමට නම් දේශීය ආදායම් පනතට සංශෝධන ඉදිරිපත් කළයුතු බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
බදු සංශෝධන වහාම ක්‍රියාත්මක වන පරිදි කළ නොහැකි අතර එම සංශෝධනවලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

