රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම්වලට යටත් නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය. 1977 වසරේ සිට තමා විධායක ජනාධිපති බලතලවලට එරෙහිව කටයුතු කළ පුද්ගලයකු වුව ද ජනාධිපති බල තල තිබිය යුතු යැයි ඇතැම් අවස්ථාවල සිතෙන බව ද සේනාරත්න මහතා කිවේය.
ඔහු මේ බව කීවේ තෙල්දෙනිය මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
"මම විධායක ජනාධිපති බලතල භාවිත කිරීමට 1977 වසරේ සිට විරුද්ධ වූ පුද්ගලයෙක්. නමුත් ඇතැම් අවස්ථාවල දී මට සිතෙනවා ජනාධිපති බලතල තිබිය යුතු බව. ඊට හේතුව කැබිනට් මණ්ඩලයට ඇතැම් යෝජනා ගෙනඒමෙි දී විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් ජනාධිපතිවරයා විනිශ්චය සභාවේ සිට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු එම යෝජනාවලින් ජනාධිපතිවරයා ජයගන්නවා. එම නිසා ඇතැම් අවස්ථාවල දී මට හිතෙනවා ජනාධිපති බලතල තිබීම හොඳයි කියලා.“ යයිද සේනාරත්න මහතා කිවේය.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමටයි. සභාපතිවරයාට එම බලය ලබා දී තිඛෙන්නේ නාථ දෙවියෝ කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. සයිටම් අර්බුදය භාවිත කරමින් විරෝධතා ඇති කරන්නේ එම නිසයි. දේශපාලන බල පෙරළියක් ඇති කිරිමටයි. සයිටම් අර්බුදයට රජය විසදුමක් ලබාදුන්නා. අධිකරණය ලබාදුන් නියෝග මම ක්‍රියාත්මක කළා. මම කැමැති නැහැ එස්.බි දිසානායක අමාත්‍යවරයා මුහුණ දුන් ගැටළුවට මුහුණදීමට. අධිකරණ නියෝගය හොඳ හෝ නරක වුනත් ක්‍රියාත්මක කළ යුතුයි.“ යයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



