නිරූපිකාවක් ලෙස කටයුතු කරන අයේෂා මධුෂානි වෙයි. ඇයගේ නිරූපණ කටයුතු සම්බන්ධයෙන් සහ ඇයගේ නව ආයතනය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.
මේ දවස්වල තොරතුරු මොනාද කිව්වොත්?
මගේ A2Z company කම්පැනි එක් ආරම්භ කළා. ඊට අමතරව කියන්න තියෙන්නේ, පසුගිය දවස්වල පැවැත්වූ පැජන්ට් එක ගැනයි. ලංකාවේ under water fashion show එක්ක තිබ්බා. ඒ තම් ස්කූබා පැජන්ට් එක. එකේ මම තමයි 1st Runnerup සහ Mini Title දෙකක් ලැබුණා. ඒ තමයි, Best talent mini සහ Best under water model
A2Z company එකෙන් වෙන දේ ගැන කිව්වොත්?
වෙඩින් ෆන්ෂන්, කම්පැනි ඉවෙන්ට් ඇතුළු සෑම ඉවෙන්ට් කරනවා. ඊට අමතරව මොඩල් කෝර්ඩිනේට් කරනවා. මම තමයි ඒ කම්පැනි එකේ Chairman. එකේ ප්‍රධාන Makeup Artist තමයි යදු රානා.
නිරූපණය පැත්තෙන් ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
තියෙනවා. හොඳ තරගයක් දෙන්න පුළුවන් එකක් වුණොත් යනවා.
අද ලංකාවේ නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
එක පැත්තකින් සතුටුයි. තවත් පැත්තකින් දුකයි. යම් මට්ටමක දියුණුවක් තියෙනවා. ඒ දියුණුව හරි ප්‍රමිතියක් නැහැ.
එවැනි තත්ත්වයක් උදා වෙන්න හේතුවක් දකිනවාද?
හේතු කිහිපයක් තියෙනවා. එකක් අපේ නිරූපණ ක්ෂේත්‍රයට හරි වගකිව යුත්තෙක් නැහැ. සමහරක් මේ හරහා මුදල් හම්බකරන් යනවා වැරදි විදිහට. ඇතැම් සමහර තරුණ අයට අවබෝධයක් නැහැ මොඩ්ලින් කියන දේ ගැන.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මේක ඉස්සරහට මගේ කම්පැනි එක හරහා පාසල් 25ක් දේශීය නර්තන සම්ප්‍රදාය සමග නර්තන ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වුණා.