සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල නිවාඩු අවලංගුයි


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය මගින් අද(28) සිට නැවත දැනුම් දෙනතුරු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නිවාඩු අවලංගු කර ඇත.