සමන්තා රූත්ගේ විවාහය


2016-09-21-ent-67

ජනප්‍රිය දමිළ චිත්‍රපට කිහිපයකම රඟපෑ සමන්තා රූත් ශ්‍රී ලාංකීක සිනමා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ "නානි" චිත්‍රපටය තුළිනි. මේ වසරේ තිරගත වූ විජේගේ "තේරී" හා සුර්යාගේ "24" චිත්‍රපට තුළින් රසික ඔබ හමුවූ සමන්තා මේ වනවිට දමිළ, තෙළිඟු, කන්නඩ හා හින්දි චිත්‍රපට 60කට ආසන්න ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත.

"ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට සුරූපි සමන්තා රූත්ගේ විවාහය ලබන වසරේ මැද භාගයේදී සිදුවීමට නියමිතව බවය. ඇයගේ අතගනු ලැබන්නේ ජනප්‍රිය දමිළ සිනමා නළු නාගර්ජුන්ගේ පුත් චයිතන් නාගර්ජුන් සමග බව වාර්තා වේ.

මේ වනවිට සිය 29 වැනි විය ගෙවා දමමින් සිටින සමන්තා වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම හා සරාගි නිළියක්ද වන්නීය.

 

2016-09-21-ent-66