සමන් දේවාලේ ඇතින්න පරමායුෂ ගෙවා සමු ගනී


වසර අසූවක් පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පෙරහරට සහභාගිවූ මැණිකේ ඇතින්න අද සවස 3 ට පමණ කෑගල්ලේදී මියගිය බව ඇතින්නගේ ඇත් ගොව්වා වූ ඩබ්ලිව්”එම්” සමරපාල මහතා පැවසීය.

 අවුරුදු 93ක් පමණ වන මේ ඇතින්න 1932 ඩී ඒ අප්පුහාමි සහ ජී වී ලොකු අප්පුහාමි විසින්  උඩවලවේදී බලපත‍්‍රයක් මත  අල්ලාගත්  බව වර්තමාන භාරකරු රත්නපුර මොරගහයට පදිංචි චන්ද්‍රසිරි සේරසිංහ  මහතා කීවේය.  ව්‍යාපාරිකයෙකු එස්”පී” පියදාස වන තම මාමණ්ඩියගෙන් ඇතා ලැබුණු බව ද චන්ද්‍රසිරි මහතා කීය.

\\