රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ නිලවරණය ලබන 18 වැනිදා රත්නපුර දිසාපති කාර්යලෙයයේදී පැවැත්වීමට නියමිතය.
වත්මන් බස්නායක නිළමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා තරඟයට නොඑන ලකුණු දක්නට තිබේ.
බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර බණ්ඩාර හා කමල් රත්වත්තේ මහත්වරුන් ද, ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ අපේක්ෂකයකු ද තරඟයට ඉදිරිපත් වන බව දැනගන්නට ඇත.
රත්නපුර දිසාවේ ප්‍රාදේශීය ලේකම්වරු දස දෙනෙක් ද, සබරගමු මහ සමන් දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, අලුත්නුවර දේවාලය, අංමඩුව කුඩා කතරගම දේවාලය හා රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ගිහි භාරකරු ද ඡන්දය දීමට සුදුසුකම් ලබති.
ප්‍රාදේශීය ලේකම්වරියනට ඡන්දය අහිමිය.