ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කරනු ලැබ සිටී.
යෞවන කටයුතු ,ප්‍රවෘත්ති ,කර්මාන්ත විදේශ කටයුතු යන අමාත්‍යංශ ගණනාවක ඉහළම තනතුරු දැරූ ඒකනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යා ගෞරව උපාධිධරයෙකි.
මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙසත් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු ලෙසත් සේවය කර ඇති ඒකනායක මහතා එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිවාස වැඩපිළිවෙළෙහි ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස නව තනතුර බාරගන්නා තෙක්ම කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වන එන් වී කේ කේ වේරගොඩ මහතා අග්‍රාමාත්‍ය උපදේශක ලෙස පත් කරනු ලැබ සිටී.
එක්සත් ජාතික පෙරමුණු රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස කටයුතු කළ වේරගොඩ මහතා එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් තනතුරද හෙබැවීය.

